fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සිරිල් ගාමිණී පියතුමන්ගෙන් සී.අයි.ඩී.යට පැය 07 ක ප්‍රකාශයක්

    සිරිල් ගාමිණී පියතුමන්ගෙන් සී.අයි.ඩී.යට පැය 07 ක ප්‍රකාශයක්

    සිරිල් ගාමිණී පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 07 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන්කර ගත්තේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල කැදවීමක⁣ට අනුව එතුමා අද එහි පෙනීසිටීමෙන් අනතුරුය එම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු ව තිබේ.

    පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි එතුමා සවස 6.00ට පමණ පිටතට පැමිණියහ.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කතෝලික ජනතාය දැනුවත් කිරීමට පැවති සූම් සමුළුවකදී ගාමිණී පියතුමා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණල්ලකට අනුව මෙම ප්‍රකාශ ලබාගත්තේය.

    මෙයට පෙර අවස්ථා දෙකකදීම එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරිනු ලැබීය. ඒ අතර එතුමා තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව සදහන් කරමින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක් ද ඉදිරිපත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදිීී අධිකරණයට කරුණු දක්වමින් සදහන් කරනු ලැබුවේ එතුමාව අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සිරිල් ගාමිණී පියතුමාට දැනුම්දෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දෙන ඉදිරිි දිනයකදී එහි ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසටය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.