fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝද පුටුවෙන් ආ ඊශ්‍රායල ඇමතිනියගෙන් බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි

    රෝද පුටුවෙන් ආ ඊශ්‍රායල ඇමතිනියගෙන් බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි

    රෝද පුටු සඳහා පහසුකම් නොමැති වීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට එක්වීමට නොහැකි වූ ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරියවන කරීනා එල්හාහර් ගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය බෝරිස් ජොන්සන් විසින් සමාව ඉල්ලා තිබේ.

    ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් හී පැවති මෙම සමුළුවට ඊශ්‍රායලය නියෝජනය කරමින් එරට අග්‍රාමාත්‍යවරයා සමඟ බලශක්ති අමාත්‍යවරියද එක්වූ අතර එහිදී පැවති සාකච්ඡා වලට එක්වීමට ඇයි නොහැකිවිය. අවස්ථා කිහිපයකදී උත්සහ කළද රෝදපුටු වලින් පැමිණෙන පිරිසට ඇතුලු වීමට හැකිවන පරිදි එම වැඩසහන් සකස් නොවීම ඊට හේතුවිය.

    මේ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය අග්‍රමාත්‍යවරයා ඊශ්‍රායල අමාත්‍යවරියගෙන් පුද්ගලිකව සමාවගෙන ඇති අතර තමන් ඔහුට සමාව ලබාදුන් බවත් ඉදිරියේදී මෙවැනි සිදුවීමි සිදුනොවෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරිය විදෙස් මාධ්‍යවෙත ප්‍රකාශ කර තිබේ.

    “මෙම සමුළුවේදී පරිසර හිතකාමී බලශක්ති යොදා ගැනීමට අවදානය යොමු කරනවා වෙනුවට මට සියලුම ස්ථානයකට ඇතුලුවීමේ අයිතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙන්න සිදුවුනා. මම කිසිම කෙනෙකුගේ සමාවක් අවශ්‍ය වන්නේ නැහැ. මට අවශ්‍ය කරන්නේ ඊලඟ වතාවේදී මෙවැන්නක් සිදුනොවීමට වගබලා ගැනීමයි.” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත.

    සිය අමාත්‍යවරයියට සමුළුවේ වැදගත් සාකච්ඡා වලට එක්වීමට අවස්ථාව නොලැබීමත් සමඟම ඊශ්‍රායල අග්‍රාමත්‍යවරයා විසින් පසුගිය අඟහරුවාදා පැවති සකච්ඡාවලට එක්වීම නවතා දමන ලෙස යම් තර්ජනාත්මක ක්‍රියා කර ඇති බවත් සමුළුමේ සංවිධායකින් සියලුමදෙනාට ඒ සඳහා එකවීමට අවස්ථාව ලැබෙන පරිදි කටයුතු සැලසුම් නොකිරීම සම්බන්ධයෙන්ද විවේචනය කර ඇතැයි වාර්තා වේ.

    ඒ සමඟම සමුළුවේ ප්‍රධානීයා වශයෙන් කටයුතු කළ ආලෝක ශර්මා පවසා ඇත්තේ සියලුමදෙනාගේ සහභාගීත්වය සමුළුව සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය බවයි.

    කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයාගේ නිලධාරීන්ට අනුව බලශක්ති අමාත්‍යවරිය ඇයව ඉකුත් සඳුදා දිනයේදී සාකච්ඡාවක් පැවති ස්ථානයක් වෙත ඇතුලු කිරීමට පැය දෙකක පමණ උත්සහ කළත් රෝදපුටු වලට ඇතුලුවීමට අවකාශය සලසා නොතිබීම හේතුවෙන් එය අසාර්ථක වී තිබේ.

    සිද්ධිය සැලවීමත් සමඟම සමුළුවට එක්නොවූ ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ දේශගුණ විපර්යාස පාලනය කිරීමට පෙර සෑම මනුෂ්‍යයෙකුමට සමානව සැලකිය යුතු බවත් ඒ අනුව අබාදිත අයටද සෑම ස්ථානයකටම ඇතුලු වීමට සමාන අවස්ථා හිමිවිය යුතු බවයි.

    එම ට්විටර් පණිවුඩයත් සමඟම ඊශ්‍රායලයේ බි්‍රතාන්‍ය තානාපති වහාම සිය සමාව ඉල්ලා ඇති අතර සමුළුවට සියලුදෙනාට එක්වීමට හැකි වන පරිදි සැලසුම්කරන බවද ප්‍රකාශ කර ඇත.

    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කටයුතු කිරීමට සිදුවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවූ බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.