fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිඟ ගුරු වැටුප් දෙන්න යුනිසෙෆ් ඉදිරිපත් වෙයි

    හිඟ ගුරු වැටුප් දෙන්න යුනිසෙෆ් ඉදිරිපත් වෙයි

    මාස ගණනක සිට වැටුප් නොලැබීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින ඇෆ්ගනිස්ථානයේ ගුරුවරුන් හට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) මගින් සෘජුව වැටුප් ගෙවීමට සැලසුම්කර තිබේ.

    තලේබාන් සංවිධානය විසින් ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමඟ එරට රජයේ පාසල් ගුරුවරුන්ට වැටුප් ලැබීම අවහිර වී තිබුණු අතර ඒත් සමඟ ගුරුවරුන් සිය පුද්ගලික දේපල පවා විකුණා දමමින් සිය දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමට සිදුවිය.

    මේත් සමඟම විදේශ රාජ්‍යන් විසින් ඇෆ්ගනිස්ථානයට ලබාදුන් සහනාධාර සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීම සිදුවූ අතරම ගැහුණු දරුවන්ට එතෙක් පැවති අධ්‍යාපන අයිතියද කප්පාදුවකට ලක්විය.

    කෙසේ වෙතත් මෙම තත්ත්වයට විසදුමක් වශයෙන් යුනිසෙෆ් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ ගුරුවන්ට සෘජුවම වැටුම් ගෙවීමට තීරණය කර ඇති අතර මේවන විට ඔවුන්ගේ තොරතුරු ලබා ගනිමින් සිටින බවට එරට යුනිසෙෆ් අයාතනයේ අධ්‍යාපන අංශයේ ප්‍රධානී ජැනෙට් වොග්ලර් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

    “ඇෆ්ගනිස්ථායේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට ලබාදිය හැක හොදම සහය වන්නේ පාසල් සහ ගුරුවරුන්ට අඛණ්ඩව සහය ලබාදීමයි. ඒ අනුව යුනිසෙෆ් සංවිධානය සම්පත් දායකයින්ගෙන් ඒ සඳහා සහය දෙන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටිනවා” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත.

    තලේබාන් සංවිධානයට ජාත්‍යන්තරය විසින් නිසි පිළිගැනීමක් ලබානොදෙන අතර ඔවුන් මේවන විටත් ගැහැණු දරුවන්ට අධ්‍යාපන කටයුතු කිරීමට ඇති අවස්ථාව කප්පාදු කර තිබේ.

    ඒ අනුව සියයට හතලිහක් පමණ විදේශ අධාර වලින් සමන්විත වූ ඇෆ්ගනිස්ථානයේ දළ දේශීය නිෂ්පාදතිය මේවන විට විශාල අර්බුදයකට මුහුණ දී ඇති අතර ඉදිරියේදී දරුණු සාගත තත්ත්වයක් ඇති විය හැකි බවද පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන අනතුරු ඇගවීය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.