fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් වසංගතයේ මූලාරම්භය ගැන අමෙරිකානු බුද්ධි වාර්තාවකින් හෙළිදරව්වක්

    කොවිඩ් වසංගතයේ මූලාරම්භය ගැන අමෙරිකානු බුද්ධි වාර්තාවකින් හෙළිදරව්වක්

    කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය හඳුනා ගැනීමට විමර්ශකයන්ට කෙදිනකවත් නොහැකි වනු ඇති බව අමෙරිකානු බුද්ධි අංශයේ නවතම වාර්තාවක් අනාවරණය කර තිබේ.

    Covid-19 වසංගතයේ මූලාරම්භය සම්බන්ධයෙන් චීනය වගකීම දරන්නේද යන්න පිළිබඳව හෙළිදරව් කරගැනීමේ විමර්ශනයකින් අනතුරුව පිටු 18කින් යුක්ත වාර්තාවක් අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය සහ ජාතික බුද්ධි කවුන්සිලය විසින් මෙලෙස සකස් කර ඇත.

    මෙම වාර්තාව සකස් කරන ලද්දේ අමෙරිකානු බුද්ධි ප්‍රජාව (IC) විසින් මීට පෙර කරන ලද බුද්ධි විමර්ශන, විනිශ්චයන් යාවත්කාලීන කරන ලෙස ජනාධිපති ජෝ බයිඩෙන් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සිදුකළ විමර්ශන ප්‍රතිඵලයක් ලෙසයි. COVID-19 හි මූලාරම්භය පිළිබඳව මෙම වාර්තාව 2021 අගෝස්තු දක්වා තොරතුරු මත පදනම්ව මෙම වාර්තාව සකස් කර ඇත.

    කෙසේවෙතත්Covid-19 ජීව අවියක් ලෙස ආරම්භ වූ බවට යෝජනා මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරයි. කිසිසේත් මෙය ජීව විද්‍යාත්මක අවියක් ලෙස වැඩිදියුණු කළ එකක් නොවන බවට එහි දැක්වේ.

    එමෙන්ම ‘මෙම න්‍යාය පිළිබඳ කතාකරන අයට වූහාන් වෛරසවේදී විද්‍යායතනයට සෘජු ප්‍රවේශයක් නොමැත’ සහ වැරදි තොරතුරු පතුරුවන බවට ද එමගින් චෝදනා එල්ල වී තිබේ.

    පළමු කොවිඩ් පොකුර ඇතිවූයේ වූහාන්වලදී බවට වාර්තාව මගින් විශ්වාසය පළකර තිබේ. එමෙන්ම මෙම වෛරසය ජානමය වශයෙන් සැලසුම් කර නිර්මාණය කළ එකක් නොවන බවට ද ඔවුන් පෙන්වා දී ඇත.

    අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ (ODNI) වාර්තාවට අනුව, නම් නොකළ බුද්ධි ඒජන්සියක විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ (WIV) විද්‍යාවේ ‘භයානක ස්වභාවය’, අනාරක්ෂිත බව සමඟ සම්බන්ධ වී ඇති බවයි. පූර්වාරක්ෂාවේ හිඟකම, කොරෝනා වෛරසය මුලින්ම සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමට හේතු වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

    “වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂණයට SARS-CoV-2 [Covid-19 ඇති කරන වෛරසය] හෝ සමීප පූර්වගාමී වෛරසයක් සම්බන්ධ බවට [බුද්ධි ප්‍රජාවට] කිසිදු ඇඟවීමක් නොමැති වුවද, මෙම විශ්ලේෂකයින් සඳහන් කර ඇත්තේ පර්යේෂකයන් නොදැනුවත්වම ඔවුන්ව වෛරසයට නිරාවරණය කර ඇති බවයි. වෛරසය අත්හදා බැලීම් හෝ නියැදීම් ක්‍රියාකාරකම්වලදී එය අනුක්‍රමණය නොකර රෝග ලක්ෂණ හෝ මෘදු ආසාදනයක් ඇති කළ හැකිය,’ යනුවෙන් එම බුද්ධි වාර්තාව පවසයි.

    කෙසේ වෙතත්, වාර්තාවට සම්බන්ධ අනෙකුත් බුද්ධි අංශ විශ්වාස කරන්නේ වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට කෙලින්ම සම්ප්‍රේෂණයට ඉඩ ඇති බවත්, ‘විද්‍යාගාර කාන්දුවීමේ’ න්‍යාය පිළිබඳව සැක පහළ කරන බවත්ය.

    මෙම විශ්ලේෂකයින් නොදන්නා සත්ව නිදර්ශක එකතු කිරීමේදී නොදැනුවත්වම රසායනාගාර සේවකයෙකු ආසාදනය වීමේ විභවය දඩයම්කරුවන්, ගොවීන්, වෙළෙන්දන් සහ සතුන් සමඟ නිතර නිතර, ස්වභාවික සම්බන්ධතා පවත්වන වෙනත් අය හරහා සිදුවන ආසාදනයකට වඩා අඩු විය හැකි බව වාර්තාව පවසයි.

    මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ 2019 වසරේ අවසාන බාගයේදී වූහාන් පර්යේෂණාගාරයේ විද්‍යාඥයින් හා සේවකයින් කිහිපදෙනකු හදිසියේ අසනීප වීම කොවිඩ් වසංගත මූලරම්භයේ සිදුවූ නමුත් කොවිඩ් වෛරසය වැළඳීමෙන් වූවක් නොවන බවය. එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළද එය කොවිඩ් නොවන බවට ඔවුහු තහවුරු කරති.

    එම වාර්තාවේ දක්වා ඇති පරිදි මීට පෙර සතුන්ගෙන් වෛරස වසංගත ඇතිවූ අවස්ථා.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.