fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගයේ ටිකට් ක්‍රමයේ වෙනසක්

    අධිවේගයේ ටිකට් ක්‍රමයේ වෙනසක්

    අධිවේගි මාර්ගවල මුදල් එකතු කිරීමේ කුටිවල සේවය කිරීම සඳහා මුදල් අයකැමිවරුන්ගේ හිඟයක් මතුව තිබේ.

    අධිවේග මාර්ග ව්‍යාපෘතිවල මුදල් අයකැමිවරුන් ලෙස පත්වීම් ලබාගත් නිලධාරීන් පසුගිය කාලයේදී සේවා අවශ්‍යතා මත ප්‍රාදේශීය කාර්යාලවල කළමනාකරණ සහකාරවරුන් ලෙස යොදවා තිබී ඇත.

    එලෙස සේවයේ නියුතු පිරිස් වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණ ඒකකය වෙත අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ.

    මේ අතර අධිවේග මාර්ග භාවිත කරන පිරිස් අතර මුදල් ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය (පෙරගෙවුම් කාඩ් පත – ETC ) ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවය.

    අධිවේගි මාර්ගවල කාර්යාලීය වේලාවන් තුළදී පිටවීමේ දොරටු අසල විද්‍යුත් මුදල් එකතු කිරීමේ කුටි (Electronic Toll Collection) අලුතින් ඉදිකිරීමට තීරණය කර තිබේ.

    ඒ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමට ය.

    අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණ ඒකකයේ ප්‍රගතිය සහ එහි ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව රැස්වීමේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේදී පැවසීය.

    අධිවේග මාර්ගවල පිටවීමේ දොරටු අසලදී ප්‍රවේශ පත්‍රය ලබාදී අතින් මුදල් ගෙවීමේදී තත්පර 12ත් 15ත් අතර කාලයක් ගතවන බවට ගණන් බලා තිබේ.

    නමුත් විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිත කිරීමේදී වැයවන්නේ තත්පර 6ක් වැනි සුළු කාලයක් පමණි.

    ඒ හේතුවෙන් අධිවේග මාර්ග භාවිත කරන්නන් හට මුදල් ගෙවීම සඳහා ETC පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය භාවිත කරන ලෙසට අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

    දැනට කොළඹ – කටුනායක අධිවේග මාර්ගයේ පමණක් ස්ථාපිත කර ඇති මෙම විද්‍යුත් මුදල් එකතු කිරීමේ (Electronic Toll Collection) කුටි ඉදිරියේ දී කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේග මාර්ගවල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලද ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. අධිවේගී මාර්ගයේ ETC ක්‍රමය නම් ඉතාමත්ම හොඳයි හැබැයි එම කාඩ් පත ඕනෑම තැනකින් ගැනීමට හැකි වන පරිදි ස්ථාන ඇති කළ යුතුයි උදාහරණයක් හැටියට ෆුඩ් සිටි ජාලයෙන් වගේ සෑම කෙනෙකුට ම පහසුවෙන් මිළ දී ගන්න පුළුවන් වීම අත්‍යවශ්‍යයි

    ඔබේ අදහස් දක්වන්න.