fbpx
තවත්
    මුල් පිටුවspecialගැබිණි හා පසු ප්‍රසව මව්වරුන් සඳහා ස්පා ප්‍රතිකාර

    ගැබිණි හා පසු ප්‍රසව මව්වරුන් සඳහා ස්පා ප්‍රතිකාර

    යුවතියක සිටින කාලය තුළ රුවට දක්වන උනන්දුව බිරිඳක් මවක් වු අවදිය තුළත් දැක්විම තුළ පවුලේ ආදරය සුහදත්වය සමගිය රඳා පවත්වා ගැනීමට උපකාරයක් වේවී.

    මම දැන් අම්මා කෙනෙක්… දැන් කවුරු බලන්න ද යන සිතුවිල්ල ලංකාව වැනි පෙරදිග සංස්කෘතිය තුළ පැවතුණ ද බටහිර සංස්කෘතික පරිසරයක ජීවත්වන කාන්තාව සිරුරේ හැඩය පවත්වා ගැනීමට උනන්දුවක් දක්වයි.

    ස්පා ප්‍රතිකාර වල ඉතිහාසය

    ඊජිප්තුව, ග්‍රීක, රෝම ආදි පැරණි ශිෂ්ඨාචාර වලින් පැවත එන පාරම්පරික විශ්වාස හා චාරිත්‍රයක් ඇසුරු කරගෙන ස්පා ප්‍රතිකාර බිහිවුණු බවට සාක්ෂි හමුවී තිබෙයි.
    රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරිමේ ක්‍රමවේද ලෙස ජල ස්නානය හා ජල ආශ්‍රීත ප්‍රතිකාර විධි ලෙසින් හඳුනාගත් මෙම ක්‍රම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම විවිධාකාර ශිෂෟඨාචාර සංස්කෘතිවල තිබුණු බව ඉතිහාසය තුළ පිළිබිඹු වෙනවා.

    රූමත් වීම සඳහා ස්පා ප්‍රතිකාර යොදා ගත් බව හොඳම නිදසුනක් නම් ක්ලියෝපැට්රා බිසව හැදින්වීමට පුළුවනි.

    ඒ වගේම පළමු ලොක් යුධ සමයෙහි උණුසුම්/ සීතල ජලය, ජල උල්පත් ස්නානය තුළින් රෝග වු සෙබළුන් සුවපත් වු බව සඳහන් වෙයි.

    ස්පා ප්‍රතිකාර යනු කුමක්ද ?

    ස්පා යන්න හී සමස්ත අර්ථය නම්, ජලය ආශ්‍රිතව සුවපත් වීම හා රූමත් වීම යන්නයි. ස්පා ප්‍රතිකාර රටාව ඊජීප්තුවෙන් ඇරඹුණු බවට සාක්ෂි හමු වුව ද අපේ රට තුළ අනාධිමත් කාලයක සිට මේ ප්‍රතිකාර යොදා ගෙන තිබෙයි.

    උදාහරණයක් විදියට සිංහල වෙදකමේ හා විවිධ චාරිත්‍ර තුළ ස්පා ප්‍රතිකාර ක්‍රමවේද එනම්, දරු ප්‍රසුතියෙන් පසු ඖෂධිය පත්‍ර/කොළ/මල්  තම්බා ස්නානය වැනි ක්‍රමයක් අදටත් පැරණි ආච්චිලා / අම්මලා අනුගමනය කරනවා දකින්න ලැබෙයි.

    ස්පා ප්‍රතිකාර වලින් ලබා ගත හැකි ප්‍රයෝජන

    විවිධ රෝගා බාධ වලට ප්‍රතිඵලදායි ක්‍රමවේදයක් ලෙස ලොව පුරා භාවිත කරයි.

    ගර්භණි කාලය තුළ ස්පා ප්‍රතිකාර සුදුසු ද ?

    ලෝකයේ බොහෝ දියුණු රටවල ගර්භණි මව්වරුන් සඳහා හා පසු ප්‍රසව මව්වරුන් සඳහා ස්පා ප්‍රතිකාර සඳහා ඉහළ ප්‍රතිචාර පවතියි. ගර්භණි කාලසීමාව තුළ සිරුරේ හා මානසිකව ඇති වන වෙනස්කම් බොහොමයකට ස්පා ප්‍රතිකාර මගින් සහනයක් ලබා ගැනීමට පුළුවනි. ස්පා ප්‍රතිකාර සඳහා යොදාගන්නා ඖෂධ ස්වභාවික ප්‍රතිකාර නිසා ගර්භණි මවට හා කළලයට අහිතකර නොවේ.

    ගර්භණී කාලය තුළ ස්පා ප්‍රතිකාර නුසුදුසු මව්වරු කණ්ඩායම

    Trombosis රෝගයෙන් පෙළෙනවා නම් හෝ පාද වල අධික ඉදිමුම ඇති විට අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි මව්වරුන්ට වෛද්‍ය උපදෙස් හා මනා පුහුණුව ලත් ස්පා චිකිත්සක උපදෙස් ලබා ගත යුතුයි.

    ගර්භණි සමය තුළ සුදුසු සම්භාහන ක්‍රම

    මනා පුහුනුව ලැබු ස්පා චිකිත්සක හා වෛද්‍ය උපදෙස් මත ඔබට මේ ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලීමට පුළුවනි.

    පාද වලට විශේෂ ප්‍රතිකාර,
    වාෂ්ප හා උණුසුම් ස්නානය
    පුර්ව ප්‍රසව ශාරීරික සම්භාහනය – උදාහරණ ඉන්දියානු තෙල් සම්භාහනය
    ඇරෝමා තෙරපි
    භාවිත කරන තෙල් / ක්‍රීම් වර්ග ගැන සැලකිලිමත් වීම වැදගත්.

    සම පිරිසිදු කිරිමේ ප්‍රතිකාර

    මුහුණ හා මුළු සිරුරම සම ප්‍රකෘතිමත් කිරිමට ශාකසාර යොදා ගැනිම නිසා සම පිරිසිදු වී මැරුණු සෛල ඉවත් වීම, කුරුලෑ ප්‍රතිකාර, පෝෂණය පැක්
    මේ තුළින් කායික / මානසික සුවය වගේම නිරෝගී සෞඛ්‍යමත් ලස්සන සමක් ලබා ගත හැකිවීම.

    ගර්භණි මවකට වගේම පසු ප්‍රසව මවකට ප්‍රතිකර්ම කළ හැකි සීමාව

    මවකට ඕනෑම ව්‍යායාමයක් කිරිමට සිරුර සුදුසු තත්ත්වයට පත්විමට අවුරුදු 02 ක් වත් කාලය යයි. හැබැයි ස්පා ප්‍රතිකාර සති 03 / 04 ක් ගිය පසු ලබා ගැනිමට පුළුවනි. සමහර ස්පා ප්‍රතිකාර ගැබ් ගත් දා සිට ම කිරිමේ ගැටලුවක් නැහැ. නමුත් සමහර ප්‍රතිකාර සති 12 ක් හෝ පළමු ත්‍රෛමාසිකය පසු වන තුරු අනුමත නොකරයි.
    මේ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හා පුහුණුව ලත් පළපුරුදු මාතෘ ස්පා චිකිත්සක උපදෙස් ලබා ගත යුතුයි.

    ව්‍යායාම හා ස්පා අතුරින් වඩාත් සුදුසු මොකක් ද ?

    දරු ප්‍රසුතියෙන් පසු ප්‍රසව ව්‍යායාම පටන් ගැනීමට අඩු තරමින් සති 06 ක වත් කාලයක් ගත විය යුතුයි.
    උදරය හා අනවශ්‍ය මේදය ඉවත් කිරිමට කළ යුතු මඳක් Heavy ව්‍යායාම. ඒ සඳහා මාස 06 ක් වත් කාලය ගත වෙයි.
    නමුත් ස්පා ප්‍රතිකාර ප්‍රසුතියෙන් පසු දින සිට ම අනුගමනය කළ හැකියි.
    ඒ තුළින් සිරුරට මනාව සුවදායි හොඳ උත්තේජනයක් වෙයි.
    පාද වලට විශේෂ ප්‍රතිකාර – පාද ආශ්‍රිත ඉදිමීම, වතුර වැඩිවීම වේදනා වැනි ගැටලු වලට සහනය ලබා ගන්න පුළුවනි.
    වාෂ්ප හා උණුසුම් ස්නානය
    කෙටි කාලයක් වාෂ්ප හා උණු ජලයේ සිටීම.
    Reflexology – පාද හා අත් වල සංකෝචනය හා උත්තේජනය කළ හැකි පීඩන ස්ථාන (Acupoints) පීඩනයට ලක් කරමින් ස්නායු හා අන්තරාසර්ග පද්ධතිය රුධිර වාහිණි පද්ධතිය උත්තේජනය
    මේ කුමය බොහෝ විට ඔසප් චක්‍රය සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම, කිරි දෙන මව්වරුන්ගේ මව්කිරි එරීම වැඩි කිරීමට බහුලවම යොදා ගනී.
    Manicure and Pedicure – ස්වභාවික ශාකසාර පමණක් භාවිත කරමින් නිය / පාද පිරිසිදු කිරීම සම්භාහනය වැනි ප්‍රතිකාර ගර්භණී කාලය තුළ කරන්න පුළුවනි.
    ස්පා ප්‍රතිකාර රටාවට යොමු වීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් හා චිකිත්සක උපදෙස් ලබා ගත යුතුයි.

    ස්පා ප්‍රතිකාර සතු ගුණ

    මාංශ පේශි සුවපත් වීම මව්කිරි එරිම උත්තේජනය පිටවිය මැහුම්/ සීසර් ශල්‍ය කැපුම් ඉක්මන් සුවය ශාරීරික අපහසුතා අවම වීම ගර්භණි හා පසු ප්‍රසව මවගේ සුන්දර බවට රුධිර සංසරණය ක්‍රමවත් බව, කෙණ්ඩ පෙරළිම වැළකීම ආහාර ජීර්ණ ආශ්‍රිත ගැටලු අවමය, ඔසප් ගැටලු වලට පිළීයම්  වැනි ගුණ රාශියක් ලබා ගැනීමට ඔබට හැකිවේවී.
     

    ළමා හා මාතෘ සෞඛ්‍ය මාධ්‍යෙව්දීණි,
    මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා,
    ශ්‍යාමලී පතිරගේ මහත්මිය

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.