fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සයිබර් ආරක්ෂණ පනතකට කැබිනට්ටුවේ අනුමැතිය

    සයිබර් ආරක්ෂණ පනතකට කැබිනට්ටුවේ අනුමැතිය

    විද්‍යුත් සන්නිවේදනයේ දියුණුව සමඟ අපරාධ සහ ත්‍රස්ත ක්‍රියා සදහා සයිබර් අවකාශය හා විිද්‍යුත් සන්නිවේදනය භාවිතා කිරීම හේතුවෙන් ජාතික ආරක්ෂාව එල්ලවන තර්ජනය සැළකිල්ලට ගෙන සයිබර් ආරක්ෂණ නීති සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය අද නිකුත් කළ නිවේදනය මෙසේය.

    සයිබර් ආරක්ෂණය පිළිබඳ නීති සම්පාදනය කිරීම
    – (අ) ආරක්ෂක සයිබර් විධාන පනත නමින් පනතක් කෙටුම්පත් කිරීම –

    විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමඟ ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරම්, සංවිධානාත්මක අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිතා කිරීමට පෙළඹී ඇත. සයිබර් අවකාශය හරහා කෙරෙන විද්‍යුත් සන්නිවේදනය ජාතික ආරක්ෂාවට ඍජුවම බලපෑම් ඇති කළ හැකි සාධකයක් බවට හඳුනාගෙන තිබේ. එබැවින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට තම ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මඟින් සිදු කරනු ලබන මෙහෙයුම් වඩාත් විධිමත් හා කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් නව නීති සම්පාදනය කිරීම වර්තමානයේ දැඩි අවශ්‍යතාවයක්ව පවතී.

    (ආ) සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම –

    සයිබර් ආරක්ෂාව සහ ඒ සඳහා වන ආයතනික ව්‍යුහයක් සකස් කිරීම තාක්ෂණ අමාත්‍යාංශයේ විෂය පථය යටතට පැවරී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළව සයිබර් ආරක්ෂාවේ විධිවිධාන ඇතුළත්ව ඉහත (අ) යටතේ දැක්වෙන පරිදි වෙනම පනතක් කෙටුම්පතක් සම්පාදනය කිරීම යෝග්‍ය බවට තීරණය කර ඇත. ජාතික ආරක්ෂාවට අදාළ කරුණු හැරුණු විට ජාතික තොරතුරු සහ සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වන නියාමන රාමුවක් නිර්මාණය කිරීම, එම කාර්යය සඳහා අනෙකුත් සහයෝගි ආයතන සමඟ කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කිරීම පිණිස විධිවිධාන සැලසීම, රට තුළ තීරණාත්මක හා අතිශය වැදගත් තොරතුරු සම්බන්ධ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන හඳුන්වා දීම, සයිබර් ආරක්ෂාවට ඇති වන අවදානම් සහිත ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රට තුළ විධිමත් සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස නව නීති හඳුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.