fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීමක් - යථාවත්...

    බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීමක් – යථාවත් කරන තුරු වාහන හිමියන්ට සහනයක්

    බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ වරින්වර සිදුවන බිදවැටීමක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් සම්බන්දයෙන් ගැටළු පැන නැගී ඇත.

    ආදායම් බලපත නිකුත් කරන ප්‍රධාන පරිගණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා ඇති බැවින් වරින්වර බිද වැටීම් සිදුවන බව බස්නාහිර පළාත් ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය සදහන් කරන්නීය.

    පද්ධතිය ක්‍රියාත්මක වන අවස්ථාවන්වලදී ආදායම් බලපත්‍ර නිකුත් කෙරන අතර එහිදී ප්‍රමාදයන් සිදුවන බවද ඇය කියා සිටී.

    ඒ තත්ත්වය මත ආදායම් බලපත්‍ර අලුත් කිරීමට ඉල්ලුම්කරන සියළු දෙනාගේම ආදායම් බලපත්‍ර අලුත් කිරීමට කිරීමේ නොහැකිවන බැවින් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල දිගු පොලිම් දකින්නට ලැබේ.

    මේ තත්ත්වය මත පරිගණක පද්ධතිය යථාවත් කෙරන තුරු ලබන 12 වෙනිදා සිට 31 දක්වා කාලය තුළ ආදායම් බලපත්‍රය කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන සදහා නොවැම්බර් 30 වෙනිදා දක්වා දඩ අයකිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇතැයිද ඇය සදහන් කරන්නීය.

    පරිගණක පද්ධතියේ ඇතිව තිබෙන දෝෂය හේතුවෙන් නිසි කලට ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වීමෙන් බස්නාහිර පළාත යටතේ ලියාපදිංචි වාහන පදවන රියදුරන් රැසක් පසුගිය දිනවල දැඩි අපහසුතාවන්ට ලක්විය. ඒ කල්ඉකුත් වූ ආදායම් බලපත්‍රයක් සහිතව වාහන ධාවනය කිරීමේ වරදට පොලීසිය රියදුරන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීම හේතුවෙනි.

    කොළොන්නාව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගිවීමට යමින් සිටි මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා වටකරමින් ජනතාව අද ඒ ගැන දුක කියන්නට වූයේ ද ඒ ගැනය. ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට පැමිණ පැය ගණනක් පොලිමේ රැදී සිටි එම ජනතාවගේ ගැටළුවට ඇහුම්කන් දුන් ඇමතිවරයා ඒ මොහොතේම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අමතමින් දැනුම් දෙන්නේ ගැටළුව විසදෙන තුරු ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.