fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවදරුවාගේ ප්‍රතිකාර පද්ධතිය ආශ්‍රිත ගැටළු...........

    දරුවාගේ ප්‍රතිකාර පද්ධතිය ආශ්‍රිත ගැටළු………..

    “අනේ මේ බලන්නකෝ බබාගේ ඇඟ..ඇයි මෙහෙම වෙලා තියෙන්නේ….” මම හැමෝගෙන්ම අහලා බැලුවා. සමහර අයට ෆොටෝත් යැව්වා.”
    මේ හුඟක් අම්මලා කියන කතාවක්.

    අලුත් මවක් වු ඔබේ දෝතට පැමිණෙන පුංචි පැටියාගේ භාහිර අංග ලක්‍ෂණවල වෙනස්කම් ටිකක් මුල්ම කාලයේ දකින්න ලැබෙනවා. මේ තත්ත්වය අම්මාට එක්වරම අඳුනගන්න අපහසු වුණත් හොඳින් අවධානය යොමු කලොත් හඳුනාගන්න අපහසු නැහැ. පැටියා එක්කම ඉන්න අම්මා කෙනෙක් මේ දේවල් ඉක්මනින් දකිනවා. ඒවාට බිය නොවි කල්තියා නිසි ප්‍රතිකාර ලබාගැනීම තමයි වැදගත් වෙන්නේ.

    Mother with baby
    Mother with baby

    මෙය සියලු දරුවන් තුළ දකින්නට නොලැබුණත් සමහර දරුවන් අතර බහුලව දකින්නට
    ලැබෙනවා. මේ නිසාම අම්මා ටිකක් විතර බය වෙන්නත් පුළුවන්. මෙයට හේතුව මවගේ හෝර්මෝන ළඳරු සිරුරෙන් ඉවත් වීමත් සමඟ තත්ත්වය සාමාන්‍ය වනවා. මෙහිදි ඉතා පිරිසිදු වතුරෙන් සෝදා තෙත මාත්තු කර පිරිසිදු නැපියක් අන්දා තැබීම යෝග්‍යයි.

    මස් වැදැල්ලක් වැනි යමක් දකින්නට ලැබීම

    ගැහැණු දරුවන්ගේ යෝනි මාර්ගයේ දකින්නට ලැබෙන මේ තත්ත්වයට බිය වියයුතු නැහැ. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. මෙය ඉබේම ඉවත් වනවා. සැත්කම් මඟින් හෝ වෙනත් ක්‍රම මඟින් ඉවත් කිරීමට අවශ්‍ය නොවන අතර පිරිසිදුව තබාගැනීම පමණක් වඩාත් සුදුසුයි.

    ලිංගේනද්‍රියේ බාහිර පෙති එකට ඇලී තිබීම

    මෙයට හේතුව වන්නේ හෝර්මොනවල අඩු වීමකි. මෙවැනි අවස්ථාවක අත්බෙහෙත්
    ගැල්වීම හෝ ඒවා සැකසීමට යාම සුදුසු නැත. වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම වඩාත් සුදුසුයි.

    අලුත් බබාගේ පියයුරු ඉදිමිලා

    සමහර අය මේවට කියන්නේ කිරි ගැට කියලා. පියයුරු විශාල වෙලා ගැටයක් වගේ අතට අහුවෙන නිසයි එහෙම කියන්නේ. රතු වී ඉදිමී තිබීම ද කිරි වැනි ශ්‍රාවයක් ගැලීම ද මෙහි
    තවත් ලක්‍ෂණයක්. ගැහැණු පිරිමි බේදයකින් තොරව කුඩා දරුවන් අතර මේ තත්ත්වය දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ඇතිවන්නේ මවගෙන් ළඳරු සිරුරට එන හෝර්මෝන නිසයි. ඉබේම මේ තත්ත්වය පහව යන අතර වේදනාවක් ඇතිවන්නේ නැහැ. නමුත් කිසිම හේතුවක් නිසා හෝ කිරි ඉවත් කිරීමට යයි සිතා මිරිකීම, තැවීම සුදුසු නැහැ.

    වෘෂණ කෝශවල හිස්බව

    සමහර අලුත උපන් පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂවල හිස්බවක් දකින්න ලැබෙනවා. මෙය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුවිය යුතු තත්ත්වයක්. දරුවා රෝහලෙන් පිටතට යැවීමට පෙර මෙම පරීක්‍ෂණ සිදු කරන අතර දරුවා රෝහලට ගිය පසුවත් යම් ගැටළුවක්
    තිබේ නම් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාම වැදගත්.

    පුරුෂ ලිංගයේ පෙර සම පිටුපසට ගැනීමට නොහැකි වීම

    අලුත උපන් පිරිමි දරුවන්ගේ පුරුෂ ලිංගයේ පෙර සම සම්පූර්ණයෙන්ම පිටුපසට ගැනීමට හැකි වන්නේ දරුවාට මාස 4ක් 5ක් වු පසුවයි. එතෙක් පෙර සම පිටුපසට කර පිරිසිදු කිරීමට උත්සහ කළ යුතු නැහැ. නමුත් මාස හයෙන් පසුවත් මෙම තත්ත්වය දක්නට ලැබේ නම් වෛද්‍ය උපදෙස්
    ලබාගන්න.

    උපදෙස්
    ශ්‍යාමලී පතිරගේ

     

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.