fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයපාසල් විවෘත කරන සෞඛ්‍ය නිර්දේශ මාලාව ළඟදීම

    පාසල් විවෘත කරන සෞඛ්‍ය නිර්දේශ මාලාව ළඟදීම

    පාසල් විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය නිර්දේෂ මාලාව ළඟදීම නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

    එම නිර්දේශ මාලාව සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්ෂණික කමිටුවක් මගින් එම නිර්දේශය සකස් කරමින් තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

    මේ අතර පාසල් දරුවන් එන්නත්කරණය කිරීම සම්බන්ධ තාක්ෂණික කමිටුවේ වාර්තාව ලබන සිකුරාදා 17 නිකුත් කිරීමට නියමිතය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.