fbpx
තවත්
    මුල් පිටුවspecialසමුදුර තරණය කරනා නාවික ලෝකය බලගැන්වීමට සැරසෙන ගඳගසන බලශක්ති ප්‍රභවය

    සමුදුර තරණය කරනා නාවික ලෝකය බලගැන්වීමට සැරසෙන ගඳගසන බලශක්ති ප්‍රභවය

    මීට දශක ගණනාවකට පෙර සිට අනාගතයේදී ඇතිවිය හැකි ලෝක බලශක්ති අර්බුදයක් පිළිබඳව බොහෝ වියතුන්ගේ අවධානය යොමුවී තිබුණි. ලොව ප්‍රබලතම බලශක්ති ප්‍රභවය වන අරාබිකරයේ පවතින ෆොසිල ඉන්ධන නිධි, තව වසර කිහිපයකින් අවසන් විය හැකි බවට ගණන් බලා තිබීම මීට හේතුවයි. මේ නිසා දශක ගණනාවක් තිස්සේම විකල්ප බලශක්ති ප්‍රභව පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. නමුත් මෑතකදී, මෙතෙක් කිසිවකු නොසිතූ පරිදි, මෙම පර්යේෂණයන් නවමු මානයකට යොමු කරමින්, මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ ප්‍රබල බලශක්ති ප්‍රභවයක් පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    වර්තමාන ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනය සළකන කල, ඉන් 90%ක්ම සිදු වනුයේ සමුද්‍ර නාවික මාර්ග ඔස්සේය. මෙනිසාම ලොව හරිතාගාර වායු විමෝචනයෙන් 2%ක ප්‍රමාණයක වගකීමද දරනුයේද නාවික කටයුතුය. මේ සම්බන්ධයෙන් මැදිහත් වෙමින්, ලෝක නාවික කටයුතු පිළිබඳ අධිකාරී ආයතනය වන International Maritime Organization (IMO) ආයතනය මගින් නිර්දේශ කළේ නාවික කටයුතු වලදී සිදුවන හරිතාගාර වායු විමෝචනය, වසර 2050 වනවිට 2008 වසරේ පැවැති මට්ටමින් හරි අඩක් වන ලෙස අඩුකල යුතු බවයි. ඒ අනුව වඩාත් පරිසර හිතකාමී කාර්යක්ෂම ඉන්ධන, නාවික කටයුතු සඳහා භාවිතා කිරීමට හඳුන්වා දීම සඳහා විවිධාකාරයේ පර්යේෂණ ලොව පුරා සිදු කරමින් සිටියි.

    ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පර්යේෂණාගාරයක් තුළද විශාල නෞකා එන්ජිමක් භාවිතා කරමින්, පර්යේෂකයන් පිරිසක් විසින් නාවික ගමනාගමනය සඳහා නෞකා බලගැන්වීමට, ද්‍රව ඇමෝනියා භාවිතය පිළිබඳව සැලසුම් සකස් කරන බව විදෙස් මාධ්‍ය මගින් පසුගියදා වාර්තා කර තිබුණි. ඉත දීර්ඝ කාලයක් තිස්සේ පොහොර නිෂ්පාදනය, පිරිසිදු කාරක සහ ශීතකරණ සඳහා ඇමෝනියා භාවිත කළ අතර කාබන් අඩංගු නොවන හෙයින් දහනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට නොකරන බැවින් ඉන්ධනයක් ලෙස ඇමෝනියා භාවිතය ඉතා සාර්ථක වනු ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.

    දැනටමත් මෝටර් රථ, දුම්රිය සහ ගුවන්යානා බලගැන්වීම සඳහා තවත් පරිසර හිතකාමී මෙන්ම ලාභ දායක ඉන්ධනයක් වන හයිඩ්‍රජන් ඇසුරින් පර්යේෂණ සිදු කෙරුණද, ගබඩා කිරීම සහ හැසිරවීම අතින් ඇමෝනියා භාවිතය නාවික කටයුතු සඳහා වඩාත් කාර්යක්ෂම වනූ ඇති බව පැවසේ. හයිඩ්‍රජන් ද්‍රව තත්වයට පත්වනුයේ සෙල්සියස් අංශක සෘණ 253 දී වන අතර ඇමෝනියා සෙල්සියස් අංශක සෘණ 34දී ද්‍රව තත්වයට පත්වීම මීට හේතුවයි. දහනයේදී නයිට්‍රස් ඔක්සයිඩ් පිටකිරීම සහ එය විශ සහිත වීම නිසා පරිහරණයේදී සහ ගබඩා කිරීමේදී විශේෂ ක්‍රමවේද අවශ්‍ය වීම එහි ඇති අවාසි සේ සැළකේ.

    Eidesvik නම් නෝර්වීජියානු නාවුක සමාගම විසින් වසර 2023 අගභාගය වන විට ඇමෝනියා බලයෙන් ක්‍රියාකරන නෞකාවක් අත්හදාබැලීමට දැනටමත් කටයුතු යොදා ඇත.

    ලෝක බලශක්ති අර්බුදයක් ජයගැනීමට විවිධ රටවල විවිධ පාර්ශවයන් විසින් සිදු කරනු ලබන පර්යේෂණ මගින් වඩාත් කාර්යක්ෂමවූත් සඵලදායකවූත් බලශක්ති ප්‍රභවයන් ලොවට හඳුන්වා දීමට පර්යේෂකයන්හට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.