fbpx
තවත්
    මුල් පිටුවCOVIDගෝලීය වසංගතය හා දරුවාගේ අධ්‍යාපනය

    ගෝලීය වසංගතය හා දරුවාගේ අධ්‍යාපනය

    ගෝලීය වසංගතය හමුවේ පාසල් අධ්‍යාපනය තරමක් පසුබෑමට ලක්වීමට ඉඩ නොදී අඛණ්ඩව පාසල් වගේම විශ්ව විද්‍යාල, වෙනත් වෘත්තීන් අධ්‍යාපන ක්‍රමයන් ලබා දීමට Online අධ්‍යාපන ක්‍රමයට හුරුවුණි. මේ රටාව තුළ දරුවාට සිදුවන යහපත් ප්‍රතිඵල වගේම අයහපත් ප්‍රතිඵල ගැන කතා කරන්න හිතුවා. ඒ සඳහා අප සම්බන්ධ කර ගත්තේ, ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය (සෞඛ්‍ය අමාත්‍යාංශය)

                   ගෝලීය වසංගත තත්වය දැන් අවුරුදු එකහමාරකට කිට්ටු වෙන්න එනවනේ. එතකොට ලංකාවේ නම් දරුවන්ගේ අධ්‍යාපනය ගිය අවුරුද්දේ මාර්තු මස මැද නිවාඩුව ඉදන්ම දිගින් දිගටම අධ්‍යාපනයට බාධානේ ඇතිවුණේ. එතකොට ළමයින්ගේ අධ්‍යාපනය දිගටම පවත්වාගෙන යන අරමුණක් එක්ක යනකොට විකල්ප මාර්ගයක් තමා මේ Online අධ්‍යාපන ක්‍රමය. එතකොට ඒකේ හොඳ වගේම නරක පැත්තත් තියනවා.

                    Online අධ්‍යාපනයේ හොඳ පැත්ත කතා කළොත් ඉන් එකක් තමා යම්තාක් දුරට ළමයින්ට දැනුම දීම එක කරන්න පුළුවන්. ඒ එක්කම  ළමයින්ගේ අර සාමාන්‍ය ක්‍රියාපටිපාටිය (Normal Routine) එක තියෙන්නේ ඒක අපි හැමෝටම තියෙනවා. ඉතිං ඒ ක්‍රියාපටිපාටිය පුරුදු වෙන්න පටන්ගන්නේ ළමා කාලයේ. එතකොට උදේට නැගිටින එකේ ඉඳන් පාසල් යන එක දක්වා සැලැස්මකට අනුවනේ වැඩ කරන්නේ. දවසේ කාල සටහන කියන එක පුරුද්ද පටන් ගන්නේ පොඩි කාලෙන්. පාසල් වැඩ අඩාල වෙනකොට online ක්‍රමයෙන් ඒක දෙන්න පුළුවන් යම්තාක් දුරකට.

                    තුන්වැනි එක තමා Online අධ්‍යාපනය කියන එකෙන් යම් ප්‍රමාණයකට ළමයින්ගේ ප්‍රායෝගික කුසලතා වර්ධනය කරන්නත් ඒක යොදා ගන්න පුළුවන්. හැබැයි ඒක හොඳට සැලසුම් කරන්න ඕන. දැනුම විතරක්නම් දෙන්නේ ළමුන්ගේ දැනුම විතරයි වැඩි වෙන්නේ. ළමයින්ට පැවරුම් දෙනවනම් ඊළඟ එක පරික්ෂා කරන විදිහක් තියෙනවානම්. ළමයින්ට දැනුම සොයාගෙන යන්න උගන්වන්න පුළුවන්. එතකොට ඒ දැනුම ප්‍රායෝගිකව භාවිත කරන්න ගෙදර දී පුරුදු කරන්න.

                    ඒ පිළිවෙලට ලංකාවේ ගත්තොත් 70% -75% ක් තියෙන්නේ අර්ධ නාගරික හෝ ග්‍රාමීය එතනදි ලංකාවේ දරිද්‍රතාවය කියන එකක් තියනවා. එතකොට මේ Online අධ්‍යාපනය සාර්ථක වෙන්න නම් එක පැත්තකින් ළමයින්ට Smart Phone තියෙන්න ඕන. පරිගණක පහසුකම් වගේම අනිත් අතට අන්තර්ජාල පහසුකම් තියෙන්න ඕන. නැත්නම් Online සාර්ථක කරගන්න බැහැ. මුළු රටේම ළමයි ගත්තාම පස්සේ 70% සිට 80% දක්වාම අන්තර්ජාල මාර්ග බාධාවන් නිසාම Online අධ්‍යාපන ක්‍රමය හරියට සිද්ධ වෙන්නැහැ. තව එකක් තියෙනවා ලංකාවේ වැඩිපුරම තියෙන්නේ රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර ඒ අතරින් පුද්ගලික වගේම ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍ර අඩුයි. රාජ්‍ය අධ්‍යාපන මට්ටමේ උගන්වන ගුරුවරුන්ට කොහොමත් මාසේ අන්තිමට ඔවුන්ගේ පඩිය ලැබෙනවා. එයාලා ඕනකමින් Online ක්‍රමයෙන් ළමයාට දැනුම දෙනවා ද කියන එකෙත් යම් ගැටලු තියනවා. හැබැයි මේ Online ක්‍රමය විශ්ව විද්‍යාල, පුද්ගලික/ජාත්‍යන්තර මට්ටමේ සාර්ථක වුණත් රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ Online ක්‍රමය තරමක් සාර්ථක නැහැ. හැබැයි ඔවුන්ගේ පුද්ගලික පන්තියට Online දෙනවා. අපේ තියන ආකල්පමය ප්‍රශ්නයක් තමා ඔය. හැබැයි විශ්ව විද්‍යාල වගේම පුද්ගලික / ජාත්‍යන්තර පාසල් මේ ක්‍රමය ඉතා හොඳින් සිද්ධ වෙනවා.

                    විශ්ව විද්‍යාල වල එකක් තමයි ළමයින්ට ගොඩක් වේලාවට අන්තර්ජාල පහසුකම් තියෙන හින්දා සාර්ථක වුණා. ඒ වගේම පුද්ගලික හ ජාත්‍යන්තර පාසල් වල ළමයෙකුගෙන් යම් මුදලක් අරන් උගන්වන්නේ එතකොට කොහොමත් උගන්වන කටයුතු වල යෙදිම සිදුවෙනවා. මේ වගේ බාධාත් මේ හරහා එනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල (Group) කණ්ඩායමක් විදියට වැඩකරන්න බැහැ.

                    කණ්ඩායමක් විදියට වැඩකරන දරුවාට කණ්ඩායම් හැඟිම් සාමුහිකත්වය නායකත්වය අනෙක් දරුවන් එක්ක බෙදාහදා ගැනිමේ කුසලතාවයන් අනෙක් අයට ගෞරව කිරිමේ කුසලතා ඉවසිමේ කුසලතා වැනි ගොඩාක් දේවල් සාමුහික ක්‍රියාකාරකම් නැතිවීම හා සමාජ සම්බන්ධකම් නැති වී යනවා.

                    මේ ක්‍රමය හරහා පාසලේ දී ලැබෙන සාමුහිකත්වය තුළින් ගෙදර ඉදන් Online හරහා කිරීම තුළ පුද්ගලිකව ජිවිතය ගොඩනැගෙනවා. එතකොට තව දෙයක් තමා ළමයි දිගින් දිගටම (Screen) තිරය දිහා එක දිගට බලා හිඳිම තුළින් එකක් තමා ළමයින්ට උදාසීනත්වය කියන එක ඇතිවෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ ළමයින්ට අධ්‍යාපනය එපා වෙන්න පුළුවන්.

                    දෙවැනි එක ළමයා Screen  එක On කරලා වෙන Screen  එකක් බලනවා. දෙමව්පියන් හිතන්නේ ළමයි ඉගෙන ගන්නවා කියලා. එතකොට සමහර මාධ්‍ය තුළ විවිධ වු දේවල් තියනවා. එකක් ගත්තොත් කාටුන්. ළමයි කාටුන් වලට ආසයි. කාටුන් වලට ළමයි ඇබ්බැහි වෙනවා ඉබේම. නමුත් මොළයේ වර්ධනය පර්යේෂණ වලින් සොයාගෙන තියනවා අවුරුදු 02ට අඩු ළමයින්ට ඇත්තටම (Screen Time) තිරයේ ගතවෙන කාලය හොඳම නැහැ කියලා. මොකද හේතුව අවුරුදු 02ක වෙනකම් මොළයේ ඇතුලේ නියුරෝන මිලියන ත්‍රිලියන ගණන් වලින් වර්ධනය වෙනවා. නියුරෝන අතර සම්බන්ධතාවය ඇතිවෙනවා. ඒ සම්බන්ධතාව ඇතිවෙන්න නම් මොළය සක්‍රියව වැඩ කරන්න ඕනි. ඒක සක්‍රියව වැඩ කරන්නැහැ ළමයෙක් Screen එකක් දිහා බලා හිඳිම තුළින්. නිකං පින්තූර ටිකක් යනවා ළමයා ඒක දිහා බලන් ඉන්නවා. එතකොට අර භාවිතා වෙන්නැති නියුරෝන සම්බන්ධතා නැතිවෙලා අයින් වෙලා යනවා. ඒකට අපි Pricing කියලා කියනවා.

                    නැතිවෙලා ගිය ඒවා ආයේ හදන්න බැහැ. ඇත්තටම මේ පළවෙනි අවුරුදු 02 ඇතුලේම Screen Time කියන එක අවම වෙන්න ඕනි. නැතිතරමටම හොදයි. ළමයාට පුළුවන් තරම් වටපිට බලලා කතා කරලා අතපය හොලවලා ඇගිලි වලින් කරන ක්‍රියාකාරකම් තුළින් තමයි. පංචේන්ද්‍රියන් ක්‍රියාත්මක වීම පෙනීම, ශ්‍රවණය, හැගීම් සංවේදනය, ආග්‍රහනය සංවේදන 05 හරහා පංචේන්ද්‍රයන් හරහා එන සංඥා තුළින් නියුරෝන වැඩිදියුණු වෙන්නේ. මොළයේ සංවර්ධනය සිදුවීම වෙන්නේ එතනින්. ඒක අඩාළ වෙනවා මේ Online ක්‍රමය තුළින් මේ පළවෙනි දවස් 1000ටම බලපානවා. පළවෙනි දවස් 1000 ඇරුණාම පස්සේ පළවෙනි අවුරුදු 05 තෙක්ම මේ මොළය වර්ධනය කියනා එක ක්‍රියාකාරි වෙනවා. එතකොට මේ මොළය සංවර්ධනය වීම හා නියුරෝන වර්ධනය වීම ක්‍රියාවලියේ අඩපණ වීමක් වෙනවා මේ Screen  එකට ඇබ්බැහි වීම. කාටුන් වැනි දෑ බැලීම තුළින්.

                    ඊට පස්සේ නව යොවුන් වියෙහි ළමයි ඒ කිව්වේ ( Adolecence) අවුරුදු 11 සිට අවුරුදු 19 විතර ළමයි හෝමෝන ක්‍රියාකාරිත්වයක් එක්ක ඒගොල්ලෝ බැරිවෙලාවත් මේ Online ක්‍රමයට යන්නේ නැතුව Screen එකට ඕනවට වැඩිය ඇබ්බැහි වුණොත් ගොඩාක් තියනවා සමාජ මාධ්‍ය ඔස්සේ හෝමෝන උද්දීපනය කරන දේවල් ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් එක්ක දේවල්. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් එක්ක chat  කරන්න පුළුවන්. ඒ විදියේ දර්ශන බලන්න පුළුවන්. එවැනි චිත්‍රපටි බලන්න පුළුවන්. ඒ වාගේ කාටුන් බලන්න පුළුවන්. එතකොට දරුවා දන්නේ නැහැ හොඳ නරක තේරුම් ගන්න. මොකද ළමයාගේ ඒ කොටස වර්ධනය වෙලා නැහැ. Preforontal Cortex එක අවුරුදු 22 අවුරුදු 23 ක යනකම් හොඳට සංවර්ධනය වෙන්නැහැ. ඒක සංවර්ධනය වුණාම තමා හොඳ නරක කියන එක හිතලා බලලා තීරණය කරන්න පුළුවන්.

                    ඊට පස්සේ අවුරුදු 12 / අවුරුදු 14 අතර සාමාන්‍යයෙන් කියන්නේ එක දිගට විනාඩි 45කට වැඩිය හොඳ නැහැ. මොකද හේතුව Screen එක දිගට බලන් ඉන්නවා. මොළයේ නියුරෝන නිකං මොකක් හරි දිහා බලන් ඉන්නවා විතරයි. හිතන් නැහැ. ක්‍රියාකාරකමක් වෙන්නැහැ. එතකොට ළමයාගේ මොළයේ වර්ධනයට එය බලපානවා. ඒක එයාගේ බුද්ධියටත් බලපානවා. මානසික සෞඛ්‍යටත් බලපානවා.

                    දරුවාගේ ඇස් වලටත් බලපානවා. සමහර ළමයි කන්වලට Ear Phone දා ගෙන භාවිතා කරනවා. ඒක ඕනවට වැඩිය Volume  වැඩි කර ගෙන ඇසීම තුළ කන් ඇසීම යන්නැතුව යන්නත් පුළුවන්. ඇසිමේ දුර්වලතා සාමාන්‍යයෙන් ඕනවට වඩා කනේ ස්නායු දිගින් දිගටම මෙහෙම වුණාම ගොඩාක් ලොකු සද්ද විතරයි එයාට ඇහෙන්න ගන්නේ. එතකොට ඇස් / කන් ප්‍රශ්න එනවා. බුද්ධි වර්ධන ප්‍රශ්න එනවා. මානසික සෞඛ්‍ය ප්‍රශ්න එනවා.

                    ඒ එක්කම ළමයාගේ ආකල්ප මෙහෙම වෙන්නත් පුළුවන්. ඉස්කොලේ යන්න ඕන නැහැ. මෙහෙමත් ඉගෙන ගන්න පුළුවන්නේ. ඉගෙන ගන්නට ඕන නැහැ ජීවත්වෙන්න වගේ ගැටලු එන්නත් පුළුවන්. එතකොට එයාගේ සම්පුර්ණ සංවර්ධනයට බලපානවා. එවැනි දේ තමා Online අධ්‍යාපන ක්‍රමයේ අවාසි පැති.

                    එතකොට මම හිතන්නේ පළවෙනියෙන්ම Online ක්‍රමය කියන එක හැමෝටම ලබාගන්න පුළුවන් විදියට ක්‍රමවත් කරන්න ඕන.

                    දෙවැනි එක තමා සමහර ළමයින්ට දෙන්න බැරිවෙනවා Smart Phone, Laptop Computer එහෙම අයව තෝරලා සහනයක් ලබාදීම අවශ්‍යයයි. සමහර වේලාවට අන්තර්ජාල පහසුකම් එහෙම අයට අඩුම තරමේ පුද්ගලික ආයතන වලින්වත් ග්‍රාම නිලධාරි මට්ටමින් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මට්ටමින් ඒ අය අදුරගන්න ඕන. එහෙම නැත්නම් පාසල තුළින්. කොයි වගේ දරුවන්ට ද විශේෂ උදව් ඕනි. එහෙම අයට යම්කිසි පහසුකම් ලබාදිය යුතුයි. මේ ක්‍රමයට අධ්‍යාපනය හදාරන්න.

                    ඊළඟට තුන්වන එක තමා Online අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මකභාවය. අධ්‍යාපන ක්‍රමය සැලසුම් කරන අය දරුවන්ගේ ක්‍රියාකාරකම් මුලික ක්‍රියාකාරකම් වැඩිදියුණු කරන්න ඕනි. නැතුව නිකම්ම සටහනක් දීලා කියන එකෙන් වැඩක් නෑ. ඒ වේලාවට ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න ඕන. ඒ ගැන කතා කරන්න ඕන. පොඩි පොඩි අත්වැඩ ක්‍රියාකාරකම් ගෙදර දි කරන්න ළමයින්ට පවරන්න ඕනි. එතන දි ඒ ළමයාට ඒකට වේලාවක් දෙන්න ඕන කරන්න. ඊළඟ දවසේ ඒක ඇගයිමක් කරන්න. එවැනි Online අධ්‍යාපන ක්‍රමවේදයකින් වෙනස් වෙන්න ඕනි. වඩාත් ක්‍රියාකාරකම් හා බැදුණු දේවල් කරන්න.

                    හතරවෙනි එක තමා ළමයින්ට දෙන්න පුළුවන් සමහර දේවල් තියනවා ඒ කිව්වේ ළමයින්ගේ ආතතිය පාලනය /කාලය කළමණාකරණය ඒ එක්කම සංවේදිතාව වැඩි කරන්න / මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගැනීම කියන එක අපිට ගන්න පුළුවන්. සතිමත්භාවය නැත්නම් ආතතිය හඳුනාගැනිමේ ක්‍රමවේද මොනවාද ? මට ආතතිය ගෙන දෙන දේවල් මොනවාද ? ඒවා ආවම මගේ සිතට එන සිතුවිලි මොනවාද? ඇඟට දැනෙන්නේ කොහොම ද ? මට එන හැඟිම් මොනවාද ? කියලා අඳුරගන්න ළමයව පුරුදු කරනවා.

                    එතකොට ඒවායෙන් පස්සේ කොහොම ද කළමණාකරණය කරගන්නේ. එයාට ගැඹුරින් හුස්ම ගැනිමේ ක්‍රියාකාරකම් එයාට කියා දෙන්න පුළුවන්. තරහක් ආවාට පස්සේ 10 ඉඳන් පහළට ගණන් කරන්න පුළුවන්. තරහා පාලනය කරගන්න ක්‍රියාකාරකම් කියා දෙන්න පුළුවන්. මේක අර හැමතිස්සේම පැය 08 උගන්වන සැලැස්ම ඇතුලේ පටන් ගැන්මේ දී හෝ මැද දී නැත්නම් අවසානයේ දී විනාඩි 30ක් වත් ඒ දේට යොමු විය යුතුයි මානසික ප්‍රවර්ධනයට.

                    එතකොට ඒක ඇතුලේ අර කොටස් තියෙන්න ඕනි.

                                    ස්වයං අවබෝධය / පාලනය / ආතතිය පාලනය ලෙස කළමණාකරණය කරගැනීම සතුට උපයෝගී කරගන්න හැටි.

                    ඒ නිසා දරුවා යොමු කළ යුතුයි ගස්වැල් වැවීම / ගෙදර වැඩකට උදව් කිරීම / ක්‍රීඩාවකට යොමු කරවීම. ඔය විදියට දරුවාගේ මනස සැකසිය යුතුයි.

                    හැමදාම මේ විදියට Online අධ්‍යාපනය ක්‍රමය දී විතරක් නෙමේ පාසල පටන් ගත්තු කාලයේ දීත් කිරීම වැදගත්.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.